Please ensure Javascript is enabled for purposes of website accessibility බාල වියේ ඉගෙනීම විනෝදජනකවේ (Sinhalese) | Berry Street Skip to main content

බාල වියේ ඉගෙනීම විනෝදජනකවේ (Sinhalese)

Young boy playing with toy

බෙරී වීදියේ බාල වියේ ඉගෙනීම විනෝදජනකවේ වැඩසටහන (ELF) මගින් අනතුරට භාජනය විය හැකි දෙමාපියන් විසින් සිය වයස 0 සිට 5 දක්වා දරුවන් හට ඇති දැඩි කරන සම්බන්ධතාවයක් ඇති කිරීමට උපකාර ලබාදේ. එය උපයෝගී කර ගන්නේ චිකිත්සීය තීව්ර උපකාරක ක්‍රීඩා කණ්ඩායම් අනුරුවකි.

ELF මගින් දෙමාපියන් හට දරුවන් සමඟ දිනපතා කියවීම, කථා කිරීම, ගායනා කිරීම සහ ක්‍රීඩා කිරීම මගින් සම්බන්ධ වීමට උනන්දු කරයි.

ELF වැඩසටහන මගින් විවිධත්වය පිළිගනු ලබන අතර සෑම දෙමාපියෙකුම සිය උපරිම උත්සාහය කරන බවට පිළිගනු ලබයි.

ELF ක්‍රීඩා සහ ඉගෙනීමේ කණ්ඩායම් ක්‍රියා කරන ආකාරය

අපි වයස අවුරුදු 0 සිට 5 දක්වා දරුවන් සිටින අනතුරට භාජනය විය හැකි සහ අවාසිදායක තත්වයේ සිටින පවුල් සඳහා සතිපතා ELF ක්‍රීඩා සහ ඉගෙනීමේ කණ්ඩායම් පවත්වමු.

ක්‍රීඩා කණ්ඩායම් මගින් දෙමාපියන් සහ දරුවන් හට එක්ව ක්‍රීඩා කිරීමට සහ ඉගෙනීමට ආරක්‍ෂාකාරී සහ සුහද පරිසරයක් ලබාදේ. කණ්ඩායම් පවත්වන්නේ නැගෙනහිර මෙල්බර්න් නගරවල වන අතර පහත කරුණු සම්බන්ධ අවදානය ඇත:

  • දෙමාපිය සහභාගිත්වය
  • ඇති දැඩි කරන සම්බන්ධතා ගොඩනැගීම
  • දරුවන්ගේ පාසැල් යාමට ඇති සූදානම වැඩිදියුණු කිරීම..

    ELF සඳහා අරමුදල් සම්පාදනය කරන්නේ ඕස්ට්‍රේලියානු රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගිනි.

සුදුසුකම

ELF ක්‍රීඩා සහ ඉගෙනීමේ කණ්ඩායම් විවෘත වන්නේ පහත අවශ්‍යතා සපුරාලන දෙමාපියන් සහ රැකවරණය ලබාදෙන අය සඳහාය:

වැඩිපුරම අවශ්‍යතා ඇති පවුල් සඳහා ප්‍රමුඛතාවය ලබාදේ.

වැඩසටහන් ප්‍රතිඵල

ELF වැඩසටහන මගින් අනතුරට භාජනය විය හැකි දරුවන් සහ පවුල් හට සඵල කලින් සිදු කරන මැදිහත්වීම සහ සක්රීය ප්‍රතිඵල ලබාදීම අරමුණ කරයි. ඒ මගින් පවුල් හට ළමා සුරැකුම් සහ බාලාංශ වැනි බාල වියේ ලබා ගන්නා සේවා සඳහා උපකාර ලබාදේ.

ප්‍රතිලාභ අතරට පහත ඒවා ඇතඃ

  • දෙමාපියන් හට විශ්වාසය ලැබෙන අතර දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධ උපකාර ලබාදේ
  • දරුවන් හට සමාජ, මානසික සහ බුද්ධිමය කුසලතා සඳහා උපකාර ලබාදේ
  • නව කුසලතා සහ විශ්වාසය වැඩිවීම මගින් නිවසේ සක්රීය වෙනස්කම් සිදුවේ

ප්‍රජා ළමා මධ්‍යස්ථානය මගින් කරන ලද වැඩසටහන සමාලෝචනය කියවන්න

අප හා සම්බන්ධ වන්න

ELF සහ අපගේ ක්‍රීඩා කණ්ඩායම් සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා, කරුණාකර දුරකථන අංක 03 9450 4700 හෝ eaglemont@berrystreet.org.au ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

සිය උනන්දුව දැක්වීම, හෝ මාතෘ සහ ළමා සෞඛ්‍යය හෙදියක් හෝ වෙනත් වෘත්තීකයෙකු සමඟ ඔවුන් වෙනුවෙන් කථා කිරීම සඳහා අප සමඟ දුරකතනයෙන් කථා කල හැකිය.

Young boy playing with toys